සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය.

ජැෆ්නා ඩෝස් ඇන්ඩ් වින්ඩෝස් මහාචාර්ය සරත් චන්ද්‍රජීව විසින් සංස්කරණය ලද - යාපනයේ අවතැන් වූ නිවාස, දොර ජනෙල්වල පින්තූර සමග සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාවලින් ලියැවුණ කවි ඇතුළත් “සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්” කෘතිය ෆේස්බුක්හි ෂෙයා වනු දැක මම මීට මාස කිහිපයකට පමණ පෙර දවසක ප්‍රින්ට් කරගෙන ආවෙමි. යාපනේ විසිර ගිය නිවෙස් නටඹුන්වල පෞරාණික බව මත ඇඳෙන කවි සිතුවම්… Continue reading සුන්දරම්පුරම් ජනෙල් පියන්පත්: වාර්ගික සංහිඳියාව බිඳවැටීමේ සහකම්පනය.

වසිලිස්සා-බාබයාගා හා අපි දෙන්නා : ප්‍රගීතිකා ජයසේකරගේ කවිය සහ මව්වත් ස්ත්‍රීවාදය

මා මෙම රචනයෙහි මව්වත් ස්ත්‍රිවාදය යන යෙදුම භාවිත කරන්නේ ස්ත්‍රීවාදයෙහි එන න්‍යායික අදහසක් හෝ යෙදුමක් (term) අනුව යමින් නොවේ. ස්ත්‍රීවාදයෙහි නොයෙක් ප්‍රවේශ ඇති බව අපි දනිමු. මා මෙහි මව්වත් ස්ත්‍රීවාදය කියා ලියන්නේ වසිලීසා මිථ්‍යා කතාව ඔස්සේ ප්‍රගීතිකා ගොඩනගන කාව්‍යාත්මක අර්ථනිරූපණය විස්තර කිරීමටයි. මෙහි මව්වත් බව යනු මාතෘත්වය පමණක් නොව ආදරය, කරුණාව, ඉවසීම, තේරුම්ගැනීම, තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීමේ ශක්තිය, උපක්‍රමශීලී බව, ස්වාධීනත්වය, කැපවීම, වගකීම සහ වගවීම ඈ සියලු මව්ගුණ පිරි කාව්‍යාත්මයකි. ඇගේ කවියෙහි ලස්සන වසිලීසා, කුඩා බෝනික්කිය මෙන්ම නපුරු මායාකාරිය, බාබ යාගාද වසයි. මෙහි අපි දෙන්නා යනු එයයි. වසිලීසා සහ බාබ යාගා එකම සිරුරක ආත්මීයව මුණගැසෙයි.  ඒ අතර ඇගේ කවිය පලිගැනීම, දැවෙන ද්වේෂය හෝ රැඩිකල් ස්ත්‍රීවාදී ප්‍රවේශයකින් වෙනස් වෙයි. ඇය ඉතා සියුම් සහ පැසුණු කවි බසක් භාවිත කරන නිසා පමණක් නොවේ. ඇය ඉතා සවිඥානික ලෙස රැඩිකල් ස්ත්‍රීවාදයෙන් බැහැර වෙමින් වඩාත් පරිණත ස්ත්‍රී පැවැත්මක් පිළිබඳ අන්තර්දෘෂ්ටි හෙළන නිසාවෙනි. එය මව්වත්කමින් පමණක් යා හැකි ගමනකි. එය වඩාත් සූක්ෂම ලෙස මතු කරන්නට ඇය ගොඩනගන සාහිත්යික රූපකය මෙහි කැපී පෙනෙයි. මෙම කෘතියෙහි පළමු කවිය වසිලිස්සා නමින් නම් කොට ඇත. අවසාන කවිය වැස්සේ නම් වේ. වසිලිස්සා - - - වැස්සේ.  ඒ කවි දෙක පොතේ මුල සහ අවසානයේ මේ ආකාරයට යොදාගැනීම මා දකින්නේ ප්‍රගීතිකාගේ සවිඥානික කවිකමක් ලෙසය. ඇය නූතන ස්ත්‍රිය පිළිබඳ ගොඩනගන රූපකය ඉන් කුළුගැන්වෙයි.

එක් අඳුරු සමයක ගෝලීය ගායනා: විපත්තිකර ලෝකය, දුක්ඛ සත්‍යය, සහ සාහිත්‍යය

නොවැම්බර් මාසයේ අන්තිම දින කිහිපයේ ලංකාව දිට්වා සුළි කුණාටුවෙන් වැසී යන විට මා සිටියේ සරත් සමාසිකයේ අවසන් දෙසතිය ගෙවමිනි. අවසන් අධ්‍යයන පැවරුම්වල යුහුසුළු වෙමිනි. ලංකාවේ හෙට දවස වන විටත් තවම අද දවස ගෙවන- ලෝකයේ අනෙක් කෙළවරේ රටක වෙසෙන මිනිසෙකුට, අතීතයේ සිටිමින් මෙන්- තමාගේ මව්බිම, මේ සා කම්පාවක ගිලී යන ආකාරය බලාසිටීම කවර නම් අවාසනාවක්ද? ගෝලීය වශයෙන් එකිනෙකා හමුවන සමාජ මාධ්‍ය යුගයේදී එම අවාසනාවට අනන්‍ය වූ තවත් දුක්ඛ සත්‍යය තිබේ. මගේ නිල අධ්‍යාපන කටයුතුවල ප්‍රධාන ක්ෂේත්‍රයක් වන මනෝ-කම්පන සහ කතා කලාව (trauma theory and storytelling) මූලික කරගත් අධ්‍යයනවල සිටි නිසා එය මා අමුතු ගුහා-ලෝකයකට ඇදගෙන යන්නාක් මෙන් දැනෙන්නට විය. මගේ සමීපතමයන් සමග කුණාටුවට හසුවන්නට - මා ඔවුන් සමග එකට නොසිටීම ගැන වරදකාරී බවකින් මා පෙළෙන බවද මා ගැනම ඇවිළෙමින් එන පිළිකුලක් වැනි හැඟීමකින් මා නිතර වෙළෙන බවද මම තේරුම් ගතිමි. මේ වැනි විපත්තියකදී ඊට ගොදුරුවීමට වඩා ඉන් ගැලවී සිටීම කෙතරම් වේදනාබර අත්දීමක්ද යන්න මම ජීවිතයේ ප්‍රථම වරට අත්වින්දෙමි. දින තුනක් යනතුරු ගෙදර අය, සමීප නෑ-සිය-මිතුරන් කිසිවෙක් සමග කතා කරන්නට බැරි වුණා පමණක් නොව මම හිතාමතාම කිසිවෙකුට කතා නොකරන්නට එකඟ වී සිටියාක් බඳු වේ. එහෙත්, අඛණ්ඩව ගලා එන සමාජ මාධ්‍ය ප්‍රකාශන මගින්- මා වඩාත් උනන්දුවෙන් සිටින අයගේ ජීවිත ආරක්ෂාකාරී බව කම්පනයේ අතුරු කතා ලෙස දැනගන්නට හැකි විය. ඒ තොරතුරු සමග සමාජ මාධ්‍යයේ ප්‍රතිරාවය වන මහා කම්පාවෙහි ගසාගෙන යනු හැරෙන්නට වෙන යමක් කළ නොහැකි බව මම දැනසිටියෙමි. මා මගේ සමීපතමයන් මගහැර ඉන්නට පරිස්සම් වූයේ එබැවිනි. 

සුළි කුණාටුවෙන් පසු: මනෝ-කම්පන, සමාජ මාධ්‍ය සහ එහෙ-මෙහෙ දුවන අපි

මෙම රචනයේ අරමුණ වන්නේ පසුගිය නොවැම්බර් මස අග ශ්‍රී ලංකාවේ හටගත් දිට්වා(Ditwah) සුළි කුණාටුව හේතුවෙන් රට පුරා ඇති වූ වර්ෂාව, ගංවතුර සහ නායයාම් ආදිය මගින් ඇති කළ හදිසි විනාශකාරී තත්ත්වය නිසා කම්පනයට ලක් වූ ලාංකික මහජන ජීවිතය සහ සමාජ මාධ්‍ය භාවිතය අතර සම්බන්ධය පිළිබඳ ආවර්ජනයක යෙදීමයි. එය, සමාජ මාධ්‍ය යුගයේදී මෙවැනි ආපදාවලට ප්‍රතිචාර ලෙස ක්‍රියා කළ හැකි ආකාර - සමාජ මාධ්‍ය විභවතා මොනවාද, මෙවැනි අවස්ථාවල අප අතර සමාජ මාධ්‍ය සැබවින්ම භාවිත වන ආකාරය සහ එහි තත්ත්වය කෙබඳුද? සමාජ මාධ්‍ය සහ මහජන ජීවිතයේ කම්පනය අතර ඇත්තේ කිනම් සම්බන්ධයක්ද යන ප්‍රශ්න වෙත විචාරාත්මකව එළඹෙයි.

සෙල්ලම්කාර කවිකම්: ලිමරික් කවි, ලිමරයිකු සහ මෝඩපහේ තවත් ලියවිලි

ලියර් තම කවි සහ කතා හඳුන්වන්නෙ Nonsense poetry කියල. අප මෙහි මුල සිට කියූ මුඛරි හෝ කටවාචාල බව, අර්ථ විරහිත බව, මල විකාර බව, මෝඩපහේ බව ආදී හැමදේම නොන්සන්ස් වචනයේ එනව. මේ කවි කලාවේ වැදගත්ම ගුණය ඒ -නොන්සන්ස් බව- වෙන්න පුළුවන්. හැබැයි එය නොන් - සෙන්ස් නෙමෙයි. මේ කවිවල ප්‍රධාන කාර්යයම සෙන්ස් එකක් ඇති කරන එකම තමයි. රිද්මයත් ඒකට උදව්වක්. ඒ ඇති කරන නුපුරුදු -සෙන්ස්- එක තමයි මෙහි කාව්‍යාත්මක කවුළුව. කාව්‍යමය කාර්යය සිද්ධ වෙන්නෙ මේ නුපුරුදු සෙන්ස් එක ඔස්සේ සිතීමෙන්. අපේ දෛනික ජීවිතයට, සමාජ සම්මතයට පරස්පර, මෝඩපහේ ලියවිලි මෙන් පෙනෙන මේ නිර්මාණ අපේ සමාජයේ නොයෙක් ගැඹුරු ව්‍යුහමය ගොඩනැංවීම් වෙත සියුම් විවේචනයක්, උපහාසයක් ගෙනෙන බව ටිකක් පරෙස්සමෙන් කියෙව්වම පෙනෙනව. විටෙක ඒ සෝපහාසවත් රචනා යථාර්ථවාදී ලෝකය තුළ සාමාන්‍යකරණය වී ඇති - විකෘතිතා පිළිබඳ රූපක ගොඩනගනව. ළමා මනසින් ලොව දැකීම මගින් අපූරු කාව්‍ය රූපක තනන සෙල්ලම් ගුණය ඇති රචනා විශේෂයක් මේ කවි.

මමත්වයේ තේමාත්මකය, මිනිස් බව හා කවිය: ඉසුරු චාමර සෝමවීරගේ ‘මමත්වතා’ ගැන විමසුමක්

ඉසුරු පොත පුරාම ලියන්නෙ මමත්වය ගැන. මෙහි මමත්වය යනු ව්‍යවහාරික අර්ථයේ එන අර්ථමාර්ථකාමය එනම්, selfishness නෙමෙයි. මම නමැති තත්ත්වය හෝ මම නමැති දෙය. මමෙහි ස්වභාවය. මම බව. mineness හෝ the quality of -I-ness කියන්නත් පුළුවන්, නැත්තම් selfhood. එය එක තේමාවක් නොවේ, මමත්වයේ තේමාත්මකය කියා තේරුම්ගන්න පුළුවන්. මෙහි විවිධ තේමාවල කවි තියෙනව. ගතානුගතික ජීවිතය, පවුලක ජීවන වෙහෙස, ප්‍රේම සම්බන්ධතා, පරාරෝපණය, ලිංගික නිදහස, නවලිබරල් මිථ්‍යා ආදී නොයෙක් තේමා. ඒ සියලු තේමා කවිපොතේ එන්නේ මමත්වයේ තේමාත්මකය ඔස්සේ. තේමාව හා තේමාත්මකය අතර සියුම් වෙනස ඔබ දැනටමත් දන්නවා.