Singing in the Dark: A Global Anthology of Poetry Under Lockdown

Squeeze us, we are olive.
– James Joice
අප කිසිවෙකුත් විපත්ති සැලසුම් කරන්නේ නැත. ඒවා සිදු වන්නේ අප බලාපොරොත්තු නොවන ආකාරයෙනි. අපේ තෝරාගැනීමක් නැතිව පමණක් නොව සම්පූර්ණයෙන්ම අප අකමැති – දරාගත නොහැකි අයුරකිනි. ඒ නිසා විපතකට මුහුණ දෙන විට අපේ ජීවිතය ක්ෂණිකව තිගැස්සෙයි. හිටිවනම කඩා වැටෙයි. අන්ධකාරයෙන් වෙළෙයි. දෛනික ජීවිතය එක්තැනම ඇණහිටියි. හෝ විසිර යයි. අප තුළ ඇති වන්නේ මහත් කම්පනයකි (trauma). කම්පනයක් යනු ශාරීරිකව හෝ මානසිකව සිදු වන තුවාලයකි. මේ ලිපියෙහි එන්නේ මානසික වශයෙන් කම්පා වූ ලෝකයක කවි සිතිවිලි ගැනය.
එදිනෙදා මිනිස් ලෝකයේ කම්පන අවස්ථා අපට නුහුරු දේ නොවේ. කම්පනය (trauma) මිනිස් උරුමයක් බව ප්‍රාග් ඓතිහාසික ආඛ්‍යානවල සිට මේ සමාජ මාධ්‍ය යුගය දක්වා විහිදෙන – ඉතිහාස අඳුරෙහි හොල්මන් කරනා මහා මිනිස් ඛේදවාචකවලින් පෙනේ. කෙනෙකු ලබන කිසියම් විපත්තියක් නිසා මානසිකව තුවාල වෙයි. අප මානසිකව තුවාලයට පත්වන අවස්ථා මොනවාදැයි වෙන වෙනම පැහැදිලි කරන්නට අවශ්‍ය නැත. මිනිසුන් ලෙස උපදින අප මුල් ළමා වියේදීම- අවශ්‍යයෙන්ම- මානසික කම්පනයට ලක්වීම – මිනිස් උරුමයක් බව සිග්මන් ෆ්‍රොයිඩ් Beyond the Pleasure Principle කෘතියේ ලියූ නිසා නොව උපතේ සිට මෙතෙක් ජීවිතයේ අනේක වර ඔබත් මමත් මානසික වශයෙන් තුවාල වී ඇති බව හොඳින්ම සත්‍යයක් වන නිසාය. අප කම්පාවට පත් වන්නේ තනි පුද්ගලයන් ලෙස ලබන අසීමාන්තික වේදනාකර සිද්ධියක් – විපත්තියක් නිසා පමණක් නොවේ. මිනිසුන් වන අපි සාමූහික වශයෙන් කම්පාවට පත්වන සත්ව විශේෂයකි. තනි මිනිසෙකු කම්පාවට ලක්වන විට පවා අපි සාමූහික වශයෙන් කම්පා වෙමු. මිනිස් (ශිෂ්ටාචාර) ලෝකයෙහි පරිධියේ රටක ජීවත්වන අපි ඒක පුද්ගල මානසික තුවාලවල පමණක් නොව සාමූහික කම්පනවල දිගුකාලීන උරුමක්කාරයන් වන ඉතිහාසය පුරා පෙනෙයි. තරුණ අරගල, වාර්ගික යුද්ධය හා බැඳුණු කම්පන මෙන්ම සුනාමි, සුළි සුළං, පාස්කු, කොරෝනා සහ ආසන්න වශයෙන් අප අත්දුටු දිට්වා සුළි කුණාටුව තෙක් අපේ සාමූහික තුවාලවල තත්ත්වය සුළුපටු නැත. අප දැන හෝ නොදැන නිතර නොයෙක් කම්පනවල ගොදුරු වී සිටිමු.
කේ. සචිදානන්දන් සහ නිෂි චවුලා විසින් සංස්කරණය කරන ලද Singing in the Dark: A Global Anthology of Poetry Under Lockdown යනු අප ගෝලීය වශයෙන් කම්පාවට ලක් වූ, කෝවිඩ් 19 වසංගත සමයේ ලෝකය පුරා විවිධ රටවල මිනිසුන් පීඩා විඳි ආකාරය හෙළිදරව් කෙරෙන – මානසික කම්පන ප්‍රතිරාව කෙරෙන – කම්පනය ඔස්සේ ඉදිරියට ගමන් කරමින් හෙට ලෝකය පිළිබඳ ධෛර්යය වඩවන කවි එකතුවකි. අගුළු ලෑ කාලයේ කවි කියා කිව හැකිය. පෙරදිග ආසියාව, ඇමෙරිකාව, යුරෝපය, මැදපෙරදිග, අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව ඇතුළු ලෝකයේ නොයෙක් රටවල කවි-කිවිඳියන් 112දෙනෙකු ලියා ඇති කාව්‍ය නිර්මාණ දෙසියයකට වැඩි ගණනක් මෙහි අඩංගු වේ.
නොවැම්බර් මාසයේ අන්තිම දින කිහිපයේ ලංකාව දිට්වා සුළි කුණාටුවෙන් වැසී යන විට මා සිටියේ සරත් සමාසිකයේ අවසන් දෙසතිය ගෙවමිනි. අවසන් අධ්‍යයන පැවරුම්වල යුහුසුළු වෙමිනි. ලංකාවේ හෙට දවස වන විටත් තවම මෙහේ අද දවස ගෙවන- ලෝකයේ අනෙක් කෙළවරේ රටක වෙසෙන මිනිසෙකුට, අතීතයේ සිටිමින් මෙන්- හෙට තමාගේ මව්බිම, මේ සා කම්පාවක ගිලී යන ආකාරය බලාසිටීම කවර නම් අවාසනාවක්ද? ගෝලීය වශයෙන් එකිනෙකා හමුවන සමාජ මාධ්‍ය යුගයේදී එම අවාසනාවට අනන්‍ය වූ තවත් දුක්ඛ සත්‍යයන් තිබේ. මගේ නිල අධ්‍යාපන කටයුතුවල ප්‍රධාන ක්ෂේත්‍රයක් වන මනෝ-කම්පන සහ කතා කලාව (trauma theory and storytelling) මූලික කරගත් අධ්‍යයනවල සිටි නිසා එය මා අමුතු ගුහා-ලෝකයකට ඇදගෙන යන්නාක් මෙන් විය. මගේ සමීපතමයන් සමග කුණාටුවට හසුවන්නට – ඔවුන් සමග මා එකට නොසිටීම ගැන වරදකාරී බවකින් මා පෙළෙන බවද – මා ගැනම ඇවිළෙමින් එන පිළිකුලක් වැනි හැඟීමකින් මා නිතර වෙළෙන බවද මම තේරුම් ගතිමි. මේ වැනි විපත්තියකදී ඊට ගොදුරුවීමට වඩා ඉන් ගැලවී සිටීම කෙතරම් වේදනාබර අත්දීමක්ද යන්න මම ජීවිතයේ ප්‍රථම වරට අත්වින්දෙමි. දින තුනක් යනතුරු ගෙදර අය, සමීප නෑ-සිය-මිතුරන් කිසිවෙක් සමග කතා කරන්නට නොහැකි විණි පමණක්ම නොව මා විසින් හිතාමතාම කිසිවෙකුට කතා නොකරන්නට එකඟ වී සිටියාක් බඳු වේ. එහෙත්, අඛණ්ඩව ගලා එන සමාජ මාධ්‍ය ප්‍රකාශන මගින්- මා වඩාත් උනන්දුවෙන් සිටින අයගේ ජීවිත ආරක්ෂාකාරී බව කම්පනය දිග ඇදී එන අතුරු කතා ලෙස දැනගන්නට හැකි විය. ඒ තොරතුරු සමග සමාජ මාධ්‍යයේ ප්‍රතිරාවය වන මහා කම්පාවෙහි ගසාගෙන යනු හැරෙන්නට වෙන යමක් කළ නොහැකි බව මම දැනගතිමි. මම සැක කළෙමි. මා මගේ සමීපතමයන් මගහැර ඉන්නට පරිස්සම් වූයේ එබැවිනි.
එම අඳුරු දින කිහිපය තුළ මා කියවූයේ මෙම Singing in the Dark පොත පමණි. කොරෝනා වෛරසය ඇති කළ මහා මිනිස් ඛේදවාචකය – අගුළු ලෑ කාලය (lockdown) මා හොඳින් අත්විඳ තිබූ නිසා මහා ව්‍යසනයක ගිලී යන මගේ මිනිසුන්ගේ කම්පාවේ ලෝකයට ඇතුළු වන්නට – එහි ගිලී යන්නට, මට පහසුවක් විය. න්‍යායික අර්ථයෙන් මා මෙහි සිදු කර ඇත්තේ කම්පනය යළි ඇති කිරීම (repetition/ acting out) බව මට වැටහේ. එහෙත් එය කම්පනය යළි ඇති කිරීමක් පමණක් නොවේ. කම්පනය ඔස්සේ ඉදිරියට ගමන් කරන (work through), අපව දිරිමත් කරන, කම්පන-ලෝක ස්වභාවය ඥානනය කරන, අන්ධකාර සමයක – ආලෝකයේ මාවත් වෙත අපව කැඳවන සාහිත්‍ය වියමන් බවත් මට සහතික විය. මා එය කියවන්නට උත්සාහ කළේ මෙවැනි කම්පාකර විපත්තියකදී අපි, අපේ ජීවිතයට මුහුණදෙන ආකාරය පිළිබඳ ආවර්ජනයේද යෙදෙමිනි. කොව්ඩ් වසංගතයට සුවිශේෂී වූ තත්ත්වයන් හා බැඳුනේ වුව මේ කවි ගොන්න සාමූහික මිනිස් කම්පාවක ගැඹුරු මනෝ ස්වභාවය සහ මිනිස් විෂයෙහි ඉන් ඇති කෙරෙන තීරණාත්මක බලපෑම් පිළිබඳ භාවනාවක යෙදෙන්නට කදිම අවකාශයක් තනයි. මා මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ලෝකයේ නොයෙක් දෙස කවි-කිවිඳියන් සිය අගුළු-ලෑ කාලයේ කම්පනය දරාගත් අන්දම සහ ඒ කම්පනය ඔස්සේ ඉදිරියට ඇවිද යන අන්දම පිළිබඳ මද වේලාවක් ආවර්ජනය කරමින් කවි කිහිපයක් කියවීමටයි. මෙහි පළ වී ඇති බොහෝ කවි මුල් වරට වෙනත් භාෂාවලින් පළ වී ඇති, මෙම කෘතිය වෙනුවෙන් නැවත ඉංග්‍රීසියට පරිවර්තනය කළ ඒවාය. එක්තරා අඳුරු සමයක ලියැවුණු – මිනිස් උණුසුම හමන – හෙට දවස ගැන බලාපොරොත්තුව දැල්වෙන – කවි කිහිපයක් කියවා බලන්නට මම ඔබට ආරාධනා කරමි. මෙම කෘතියේ ආරම්භයේදීම සංස්කාරකවරු බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ප්‍රසිද්ධ කවියක කොටසක් උපුටා දක්වයි.
In the dark times
Will there also be singing?
Yes, there will also be singing.
About the dark times.
Bertolt Brecht, 'Motto'
ඔව්, අඳුරු කාලයේද ගී ගැයෙයි. කවි ලියැවෙයි. අන්ධකාරයේ ස්වර ආලෝකයක් සොයා වෙහෙසෙයි.
Rich men, trust not in wealth,
Gold cannot buy you health;
Physic himself must fade.
All things to end are made,
The plague full swift goes by;
I am sick, I must die.
Lord, have mercy on us!
Strength stoops unto the grave,
Worms feed on Hector brave;
Swords may not fight with fate,
Earth still holds open her gate.
Lord, have mercy on us!
(Thomas Nashe, A Litany in Time of Plague, 1592)
මෙම කෘතියෙහි සංස්කාරකවරු මුල් පිටුවක උපුටා දක්වන මේ පාඨය 16වන සියවසේ විසූ ස්පාඥ්ඥ නාට්‍යකරුවෙකු වූ තෝමස් නැෂ්ගේ Summer’s Last Will and Testament නම් ප්‍රහසන නාට්‍යයෙහි එන කවියකි. මෙම කවියෙහි පැනෙන යථාර්ථය අප මේ මහා කම්පනයෙන් මුහුණදුන් ඉරණම පිළිබඳ කාවදිනසුළු රූපකයකි. අප වසර ගණනක් සමහරවිට දසක කිහිපයක් ඉතා අමාරුවෙන් හරිහම්බ කළ ධන-දේපොළ නැත්තටම නැති විය. අපේ සමීපතමයන් සදහටම අහිමි විය. මොහොතකට අපි සියල්ලෝ අතර සියලු වෙනස්කම්-ධූරාවලීන් අතුරුදන් වී අපි එකම මිසින් පොදියක් විය. කම්පනයකට මුහුණදෙන විට අප පත්වන අසරණ තත්ත්වය නිසා අපි වැළපෙන්නන් බවට පත්වෙමු. දෙයියෝ බුදුන් සිහිවෙති. අප මෙවන් විපතකට මුහුණදෙන විට කෙතරම් අසරණ වන්නේද යත් අපට මේ සිදුවූයේ- සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි අදහාගන්නට – වටහාගන්නට නොහැකියාවක් හටගනියි. අප පවා අපේ පාලනයෙන්ද තොර වෙයි. මේ කෘතිය ආරම්භයේදීම එන්නේ බටහිර ලෝකයේ බෙහෙවින්ම අවධානයට ලක් වූ ඉන්දීය සම්භවයක් ඇති කිවිඳියක වන ඌෂා ඇකෙලා (Usha Akella) ලියූ කවියකි. එහි ලංකාව පිළිබඳ කාව්‍යාලංකාරියක්ද පැන එයි.
CAVED-7.8 BILLION
This one looks like a planet of red windmills whirring
or a field of poppies, a wild corona of a star, heart of sunflower,
this pretty thing is fanged, arsenal in Death's stockpile,
small unseen things are perfectly precise,
Hanuman burnt the city of Lanka thus, eroding pride.
මෙය කොරෝනා වෛරසයෙන් අගුළු-ලෑ ලෝකය පිළිබඳ කියාපාන එහි – කම්පනය කදිමට හකුළුවා පෙන්වන කාව්‍යාත්මක රූපකයකි. කොරෝනාව විසින්, වස්සාන කාලයේ මල්බර සුන්දර පරිසරය, හනුමා ලංකා නගරය ගිනාතැබුවා සේ අවුළුවා දමා තිබේ.
The bush is bursting with red berries,
spring has slipped through the crevices breathing green on the city,
a musician plays his oud to the sky in himself,
the trees are gravestones to the forgotten dead,
the deer conglomerate driven to community,
more families staked by windows notice the heartbeat of nature.
(Usha Akella, 2)
අප පීඩාවක් අත්විඳින විට එය කාට හෝ කියාගන්නට වුවමනාවෙන් පෙළෙයි. එහෙත් අපට එය කියාගන්නට විදිහක්ද පැහැදිලි නැත. කාට හෝ මෙය කියා හයියෙන් කෑගසා හඬන්නට ඕනෑ යැයි අපි සැවොම මෙන් වරින්වර කියමු. මිනිස් ඉතිහාසයෙහි මුල සිටම දුක්-පීඩා අනෙක් අයට කියන, සමූහය හා බෙදාගන්නා පුරුද්ද අප පුහුණු කළෙමු. සම්භාව්‍ය කාව්‍ය විචාරයේදී ඇතැම් අය මෙය -භාව විශෝධනය කියා හඳුන්වති. කිසියම් අත්දැකීමක් නිසා අප තුළ ඇති වන- පිරීතිරෙන භාව – පිට කිරීම, සෝදාහැරීම වැනි කාර්යයක් සාහිත්‍යකරණයෙන් සිදුවන බව බොහෝ අය විශ්වාස කරති. එහෙත් මෙවැනි මහා කම්පන පහසුවෙන් අනෙක් අය හා බෙදාහදාගන්නට අපට හැකියාවක් නැත. කම්පනවල ස්වභාවය නම් අප – අප තුළම අගුළු දැමීමක් වැනි දෙයකි. අප තුළම අපව සිරවීමකි.
DEAR WORD PRISONER
From here you can see the water past craggy purple
rocks, stretches of green, rusted roof tops,
limned fields-yet this is not enough-
Spirits need language and what does it matter
unless we can describe the outdoor air at dark,
the late-night owl or fox,
walls leaning thick with loss,
stones large with dirt and leaves and moss-
Many souls lived and walked here on their way to heaven.
What led them on, glittering with love of luck?
Tell me what world we can speak of if it is not this,
the roaring of the ocean,
the emptiness of winter's gate-
I've visited these places but left
for all the words that could not touch them.
Anything I say! Squeal, cry, yelp, sigh out loud,
say something, mouth, say summer,
talk of hands that held here. Whose?
The convert feathers rest silent in the tree
for lack of sound from heart.
Dear tongue, breath:
Don't leave me here alone with all this disappearing.
(Grace Cavalieri, 43-44)
මේ තනිකම ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ මොහොතකි. සියල්ලෝම තනි වී ඇත.
ALL ALONE
He stays alone in the house
his wife and children occupy the same house
even then he is all alone in the house
the wife has a house within the house
she stays alone in that house
and he too is all alone in the house
the children too have a house within the house
they stay alone in that house
even then he is all alone in his house
loneliness has a house within the house
loneliness also stays alone in that house
even then he is all alone in the house
a house within the house also stays alone
a house absolutely has a house
and he is all alone in the house at night
he stays alone in the house
his wife and son and daughter also stay alone
even loneliness stays all alone in the house
he stays alone in the house
(Mangesh Narayanrao Kale, 143
නැත. අපට අපේ කතාව ලියන්නට නොහැකිය. අන්ධකාරයෙන් කාලය වැසී ඇත.
NO, WE WON’T BE ABLE TO WRITE OUR TIME
This stilled and deserted time
where even birds and beasts are silent
where the daily noises have been
replaced by mere echoes,
where prayers, calls and cries have
alike dissolved in silence,
where friendships lie unexpressed
where silence is spread over everything like Time:
How do we write such time?
Don't know whether this is our time,
Or whether we have been forced
to enter another time
This time is so even that on it we see
no wrinkles, folds or holes
and we hardly find a passage to flee.
No, we won't be able to write our time.
This time is moving so slow that all clocks
Seem determined to go slow
The wind is cold before its season
The spring has just come and flowers blossom
As if to laugh at our evil times
And squirrels race irritatingly fast
and climb trees or pillars
Pigeons have suddenly grown less in number
As if they too have set on their sad trips back
to their village-homes like the migrant workers:
Even being in our homes seems a solace
we are at least in our homes
if not in our times.
Hope is lying in some corner pressed down
like a piece come off some waste
that is sure to be swept off and thrown away
tomorrow if not today.
No, we won't be able to write our time.
(Ashok Vajpeyi, 333-334)
දසත භීතිය පැතිරේ. ආදරය නිරෝධායනය කොට ඇත.
LOVE DURING QUARANTINE
The town breathes fear
the moon hides behind the clouds
the people behind the walls
the streets are enveloped in the dark
the words have hidden in former times
the oppressive air hides hope
for a while
we have been together
two thoughts
cracked by the times
at their margins
the worm of silence grows
the walls between them are like our palms
alone
separated
we appear at the window
the town is darker than the night
from your eyelashes
older tears run to me
from a glass of loneliness drunk by you and me
(Marius Chelaru, 54)
විපත්තියකදී අප මුහුණ දෙන ප්‍රධාන උභතෝකෝටිය නම් සිදු වූ දේ අදහන්නට බැරි වීමයි. මෙය සිදු වූයේ කෙසේද? මෙය කා විසින් නම් කළ විනාශයක්ද? තමා තමාගෙන්ද වෙන්ව යන්නේදැයි හැඟෙයි.
SEPARATED
I separated myself from each truth about the beginnings
of rivers, trees, and cities.
I have a name that will be a street of goodbyes
and a heart that appears on X-ray films.
I separated myself even from you, mother of all skies
and carefree houses.
Now my blood is a refugee that belongs
to several souls and open wounds.
My god lives in the phosphorous of a match,
in the ashes holding the shape of the firewood.
I don't need a map of the world when I fall asleep.
Now the shadow of a stalk of wheat covers my hope,
and my word is as valuable
as an old family watch that doesn't keep time.
I separated from myself, to arrive at your skin
smelling of honey and wind, at your name
signifying restlessness that calms me down,
opening the doors to the cities in which I sleep,
but don't live.
I separated myself from the air, the water, the fire.
The earth I was made from
is built into my home.
(Nikola Madzirov, 176)
මා දන්නා දෙයක් නැත. එහෙත් කවියෙන් දැනගන්න බලමි.
AUBADE
Rumours of wind, banners of cloud.
The low earth shakes but the storm
has not arrived. You pack
for the journey, look up, look through
the doors at trees shedding their leaves
too soon, a track on which silk shoes
would be wasted, a moon
still dangling above a boat.
Wearing your salt mask, you face
the mulberry shadows.
The valley into which
you're rappelling
is you.
(Ranjit Hoskote, 137)
හිස් පිටුවකි.
BLANK PAGE
I keep vigil at the riverbank.
The night says: I am here.
The river says nothing.
The moon dredges the riverbed.
A giant tusker's shadow
emerges from the wreckage of the river.
Silence and water.
(E. V. Ramakrishnan. 242)
මේ තවත් කවියකි. -කෙටි කවි පහක්- නමින් එය එයි.
FIVE SHORT POEMS
1
The first bird of the morning cries
tearing to pieces the darkness that still remains,
but the morning does not know.
2
There are voices in solitude
There are no words, no people
And yet the dawn arrives on time
3
Birds have not said anything,
No one told them anything
The birds have silently brought the dawn
on their tiny wings.
4
Perhaps darkness knows it has to end
Perhaps light knows its time will come
Perhaps it is us humans who are stuck between
being and non-being.
5
Some things just keep vanishing all the time
without our knowing it:
the first melodies and images of childhood,
the face of the man who silently lifts
the blanket in the train,
the well-known refrain of Lalit
one fails to recall in the morning,
the day last year when the Flame of the Forest
turned flamboyant with so many flowers...
Some things just keep vanishing all the time...
(Ashok Vajpeyi, 334-335)
අප කම්පනය යළි ප්‍රතිරාව කරමින් සිටීම එහි ස්වභාවය වුවත් අප ඉන් මිදී ඉදිරි ජීවිතයට මුහුණ දිය යුතුය.
LET LIFE GO ON!
There is a picture window opposite the desk where I set out
my jumbled mix of words,
giving out onto a range of blue mountains beneath a sky white
with clouds,
Before the mountains rise green woodland, whose trees are
hidden,
Alder, oak, pine and eucalyptus,
Covered in birdsong, where the sunlight peeks,
of goldfinches, blackbirds, nightingales and robins.
Dina and Leon, my two dogs, former strays, run wild up there,
barking at the thick-tailed squirrels as they scamper among
the trees.
The sound of Bach drifts on the air.
My wife is listening to the Oboe Concertos as performed by
Puskunigis and the St. Christopher Chamber Orchestra.
On the nightstand sits my copy of Paradise Lost,
where I left it in search of the blind man, Milton.
..............................................................
The world is not going to end and life is beautiful. That is all.
This precious life and the unending world are
writing for me.
(Jotamario Arbelaez, 16-19)
ජීවිතය ගලා යයි.
FLOW
Relaxed in the flow of things, we float
Down the wide river in a small boat.
There is nothing to do but to pluck
With leisured fingers on the lute,
Let the song rise in the throat
And spill over the water, or not.
The boat drifts slowly. On either side
The landscape passes like a long scroll
Full of intricate detail. Each tributary's slide
Into the main stream makes the wide
River wider. How gradually we glide
Seawards, how vivid the afternoon sky.
The different water-birds around us
Vanish and return to the surface,
Drops sparkling. They are full of business
But we are caught up with luxurious
Late-day warmth, the lute idly plucked,
The possibility of a kiss.
………………………………….
All day we drifted downriver in our flimsy boat,
The dark cargo ships slid by like dreams.
Now we are beyond the delta. We float
On calm water, deep blue and remote.
There is no land beyond the wet
Horizon. The stars are coming out.
(Michael Cope, 65-66)
මෙම ලිපියේ ආරම්භයේදී අප උපුටාගත් ජේම්ස් ජොයිස්ගේ වැකිය සිහිවෙයි. ඔලිව් මිරිකීමෙන් එහි අග්‍රඵල ලබන්නා සේ තැලීමෙන් පොඩිවීමෙන් ඇඹරීමෙන් අපි මිහිරිම ඵල ලබමු. එය සිංහල සම්ප්‍රදායේ එන්නේ තලන්න තලන්න හැඩ වෙන යකඩය යන අර්ථයෙනි. “තලන්න. ඔව්, අපි යකඩ” කියා කියන්නට අපට පුළුවන.